(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මුල්ලේරිය අංගොඩ ටයර් කඩය හන්දිය අසළදී අද(18) ලංගම බස් රථයකට යටවී වයෝවෘද්ධ කාන්තාවක් මිය ගිය බව මුල්ලේරියාව පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ අංගොඩ හිඹුටාන පදිංචිව සිටි චන්දා පෙරේරා නමැති 75 හැවිරිදි කාන්තාවකි.

කොළඹ සිට අවිස්සාවෙල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවගේ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් බරපතල තුවාල ලද කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇත.

ලංගම බස් රථ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.