(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල යටිගල්පොත්ත හන්දිය ප්‍රදේශයේදී අද (18 )  සිදු වු  රිය අනතුරකින් සැමියා මියගොස් බිරිඳ සහ දියණිය බරපතල තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
 

සිය දියණිය බසයකට නැංවීම සඳහා මාර්ගය අසල රැඳී සිටි   පියා, මව දියණිය   මෙම අනතුරට මුහුණ පා තිබේ.
 
මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේ පදිංචි ආර්. ආර්. සෙනරත් බණ්ඩා  60 හැවිරිදි අයෙකි.   බරපතල තුවාල ලබා ඇත්තේ ඔහුගේ බිරිඳ  ඒ.එච්. ඉන්ද්‍රානි පොඩිමැණිකේ (53) සහ දියණිය  ආර් .ආර් .දිල්ශානි ඉදුනිල්කා ( 25) යන අය  බව පොලිසිය කියයි.
 
තුවාල ලැබූ මව දඹුල්ල රෝහලේත්  දියණිය කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
 
දඹුල්ල දෙසින් අලුයම කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ  ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් එකිනෙකා තරගයට මෙන් මාර්ගයේ  ගමන් කරමින් සිටියදී පෞද්ගලික බස් රථය ප්‍රධාන මාර්ගය මැද  නවතා ඇත්තේ  මෙම දියණියට  ගොඩවිම  සඳහාය.

පිටුපසින්  අනෙක් බස් රථය ද ඊට ඉස්සර කිරීමට ගොස් තිබෙන බව පසුව පිටුපසින් ආ  ලොරි රථයට පාලනය කර ගැනීමට නොහැකිව  මෙලෙස අනතුරට පත් වී ඇත.