(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව හලාවත මාර්ගයේ කොන්වල කන්ද ප්‍රදේශයේදී අද (27) සිදුවූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ ආණමඩුව කැදැත්තෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි  අවිවාහක තරුණයකි.

ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ කළුතර කඳවුරේ සේවය කරන කොස්තාපල්වරයකු බවත් මොහු ඥාතියකුගේ අවමගුලකට සහභාගි වී ආපසු යතුරු පැදියෙන් කළුතර බලා ගමන් කරමින් සිටියදී යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව ගොස් විදුලි කණුවක ගැටී මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.