(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ව්‍යාපාරික මිතුරා සමඟ සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් මිතුරා මහගෙදරට පිටත්ව යාමෙන් පසු මිතුරාගේ නිවස කඩා රුපියල් ලක්ෂ 4 කට ආසන්න රන් ආභරණ හා මුදල් සොරා ගත් හිටපු හමුදා සෙබළකු දින දෙකක් තුළ දී සොරා ගත් දේපල සමඟ අද (13) අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

සැකකරු සොරා ගත් රන්මාල හතරක්, අත් පළදනාවක්, මුදු පහක්, කරාබු ජෝඩු දෙකක්, පෙන්ඩනයක්, මුදලින් රුපියල් 22,000 ක් පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ව්‍යාපාරිකයාගේ සමීපතම මිතුරෙකු බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය පරීක්ෂණ පවත්වයි.