Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ඩි.ජී.සුගතපාල)
හික්කඩුවේ සිට කාන්තාවන්ගේ රන් මාල කොල්ලකෑම සඳහා උඩුගම ප්රදේශයට ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු ටි.56 ගිනි අවියක්ද සමග අද (19) දහවල් උඩුගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
හික්කඩුවේ පදිංචි සැකකරුවන් දෙදෙනා යතුරු පැදියකින් උඩුගම පොලිස් වසමට ගොස් මාල කොල්ල කෑමට තැත්කළ අවස්ථාවේ උඩුගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුන තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇත.
පසුව වැඩිදුරටත් ප්රශ්න කිරීමේදි අනාවරණය වී ඇත්තේ ඔවුන් විසින් ටී-56ගිනි අවියක් හික්කඩුව ප්රදේශයේ සඟවා තිබෙන බවය. ඒ අනුව සැකකරුවන් දෙදෙනාද සමග පැමිණ සඟවා තිබු ටි -56 ගිනි අවියද සොයා ගෙන ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.