(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

ගාල්ලේ රිච්මන්ඩ් කන්දේ වෙළඳසැලකට අද රාත්‍රී යතුරු පැදියකින් පැමිණ සිගරට් ගන්නා මුවාවෙන් ඇතුළු වූ තිදෙනෙකු ගල්කටස් වර්ගයේ අවියක් පෙන්වා වෙළඳසැල හිමි කාන්තාවගේ ගෙල බැඳි රන්මාලය පැහැරගෙන යාමට සූදානම් වී තිබේ.

මේ අවස්ථාවේදී කාන්තාවගේ පුතුන් දෙදෙනා එම ස්ථානයට පැමිණ සැකකරු සමඟ ගල් කටස් වර්ගයේ අවිය සහ පැහැරගත් මාලය ඔවුන්ගේ ග්‍රහණයට ගෙන පොලිසියට බාරදුන් පසු අත්අඩංගුවට ගත් බව  ගාල්ල පොලිසිය කියයි.

සෙසු සැකරුවන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරු පැදියෙන්ම පලාගොස් තිබේ.

වෙළඳසැල් හිමිකාරියගේ පුතුන් දෙදෙනා පහරදීම හේතුවෙන් 58 හැවිරිදි සැකකරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර ඇති බවද පොලිසිය කියයි.