(නිශාන්ත කුමාර)
 

රන්දෙණිගල -  මහියංගන ප්‍රධාන මාර්ගයේ රන්දෙණිගල ජලාශයට යාබදව පිහිටි රක්ෂිතයේ ගින්නකින් අද (16)  අක්කර 03 ක පමණ කොටසක් මුළුමනින්ම විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
 
වන සතුන් දඩයමේ ගිය පිරිසක් කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබා ඇතැයි ඔවුහු සැක පළකරති. 
 
මෙම රක්ෂිතය තුළ මානා,  බුරුත, හුළං හික්, කැටකෑල ආදී වෘක්ෂ රැසක් ද වේ.
 
පැයකට ආසන්න කාලයක් තිස්සේ පැතිරෙමින් පවතින ගින්න නිවා දැමීමට කිසිවෙකුත් පියවර ගෙන නොමැත.
 
ගිනි දලු සමග පිටවන අධික දුම හේතුවෙන් ඒ අසළ මාර්ගයේ ගමන්කිරීම පවා ජනතාවට දුෂ්කර වී ඇත.