(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නවගත්තේගම කරුවලගස්වැව 17 කණුව මාර්ගයේ අද (22) සවස යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිවිල් ආරක්ෂකයෙක් මරණයට පත් වූ බව නවගත්තේගම පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ කරුවලගස්වැව මුනමල්ගස්වැව පදිංචි 45 හැවිරිදි ජේ.ඒ. ජයතිලක නැමති දෙදරු පියකි.

සිවිල් ආරක්ෂකයා හලාවත ප්‍රදේශයේ රජයේ වතු යායක සේවයට ගොස් ආපසු නිවස බලා එමින් සිටියදී නවගත්තේගම පළුකැන්දෑව ප්‍රදේශයේදී බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් බරපතල තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත්ව සිටි බව පොලිසිය පවසයි.