(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

නැලිගම ගුරුගොඩැල්ල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන්ගනිමින් සිටි සිසුන් දෙදෙනෙකුගෙන් අයෙක් මියගොස් අනෙක් සිසුවා තුවාල ලබා ඇති බව මීරිගම පොලිස් රථවාහන අංශය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ  ලින්දර පදිංචිව සිටි ඩී.පී. කවිෂ්ක ගිම්හාන්  නැමැති 15 හැවිරිදි පාසැල් සිසුවෙකි.

යතුරුපැදිය පැදවූ සිසුවා රෝහල් ගත කරනවිටත් මියගොස් සිටි බවත් තුවාල ලැබූ සිසුවා මීරිගම රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට මාරුකර යවා ඇති බවත්  පොලිසිය කියයි.

රාත්‍රී දහයට පමණ මෙම අනතුර සිදු වී ඇත.

යතුරු පැදිය විදුලි කණුවක ගැටීමෙන්  අනතුර සිදුව අතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.