(දයාරත්න ඇඹෝගම)
 
මත්පැන් සාදයකදි සිදුවු බහින් බස් විමක් දිග  දුර ගොස් 38 හැවිරිදි පුද්ගලයකුට මුගුරකින් පහරදි ඝාතනය කල බව කියන පුද්ගලයකු අද (15) රලපනාව ජනපදයේ දි අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ නොච්චියාගම,රලපනාව ජනපදයේ පදිංචිව සිටි දුම්මලරාල මුදියන්සේලාගේ නිශ්ශංක කුමාර නවරත්න (38) නැමති පුද්ගලයෙකි.

මියගිය අයත් තවත් පිරිසකුත් නොච්චියාගම රලපනාව ප්‍රදේශයේ පිහිටි නිවසකදි අවුරුදු දා මත්පැන් සාදයක් පවත්වා ඇති බව පොලිසිය කියයි.

එහිදි සිදුදු බහින් බස් විමකින් පසුව විසිරි ගිය පිරිස යළිත්  මාර්ගයේදි සිදුකර ගත් ආරවුලකදි පුද්ගලයකු විසින් මිය ගිය අයට මුගුරකින් පහරදි ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මිය ගොස් තිබේ.