Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(වසන්ත චන්ද්රපාල)
මැතිවරණයක් පවත්වා රටේ ජනමතය විමසන ලෙස ඉල්ලා පදියතලාව ප්රදේශයේ ජනතාව පදියතලාව නගරයේදී අද (28) විරෝධතාවක් පවත්වනු ලැබීය.
පදියතලාව ප්රාදේශීය සභාව අසලින් විරෝධතාවය ආරම්භ කළ අතර එය පදියතලාව නගරය දක්වා ගමන් කරනු ලැබීය.පදියතලාව බස් නැවතුම්පොළ අසලදී විරෝධතාකරුවෝ විරෝධතාවයේ නිරතවූහ.
දිගාමඩුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී විමලවීර දිසානායක,නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්රීවරුන් වන ඩබ්.ඩී.වීරසිංහ සහ ටී.එම්.ජයසේන යන මහත්වරු මෙහිදී අදහස් දැක්වීය.
පදියතලාව ප්රාදේශීය සභාවේ සභාපති ලලන්ත සුමිත් සෙනවිරත්න මහතා ඇතුලු මන්ත්රීවරුන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කරනු ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.