ඔගස්ටින් ප්‍රනාන්දු           
 
සැකකටයුතු ලෙසින් මිය ගොස් සිටි කාන්තා  මෘතෘශරීරයක් අද (20) මාදම්පේ සුදුවැල්ලේ පිහිටි ඇගේ නිවසෙහි තිබි  හමුවී ඇති බව මාදම්පේ පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් තිබුණේ මල්හොදාගේ ගිතිකා ( 33) නමැති කාන්තාවකි.

මෙම කාන්තාව ගෙල වැලලා ගෙන මිය ගොස් ඇති බවට ලද තොරතුරක් මත ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක ඩි.සිරිකුමාර විජේතුංග මහතා සිද්ධිය වු නිවසට ගොස් මරණ පරික්ෂණයක් කිරිමට අද ( 20 දා ) දහවල් කටයුතු කළේය.

මෙම මරණය සැකකටයුතු බවට තොරතුරු ලද පසු වහාම මරණය සම්බන්ධයෙන් හලාවත අධිකරණයට කරුණු ඉදිරිපත් කර මහේස්ත්‍රාත් පරික්ෂණයක් සිදු කිරිමට මරණ පරීක්ෂකවරයා මාදම්පේ පොලිසියට නියෝග කර තිබේ. 

සිද්ධීය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.