අජිත්ලාල් ශාන්තඋදය 

බීමත්ව පැමිණ පියාට නිතර නිතර කරදර කළ බව කියන තිස්පස් හැවිරිදි  අවිවාහක තරුණයකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් මියගිය තැනැත්තාගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ  රත්නපුර පොලිස් වසමට අයත් මල්වල දුරෙකන්ද ලිපිනයේ පදිංචිව සිටි සමන් ජානක නැමැත්තෙකි.

ඝාතනයට ලක් වු  එම තරුණයා නිතර නිතර  බීමතින් පැමිණ ඔහුගේ පියාට කරදර කර  ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, මෙම සිදුවීම වු  දිනයේදී ද ඔහුගේ සහ පියා අතර ඇති වු ආරවුල සමථයකට පත් කිරීම සඳහා  ඔහුගේ සහෝදරයා මැදිහත්ව ඇති අතර එහිදී සහෝදරයා එල්ල කළ පහරකින් මොහු මිය යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.