(සම්පත් ප්‍රියනන්දන) 

බලන්ගොඩ පුවක්ගහවෙල ප්‍රදේශයේ කැළෑවක් පරික්ෂා කිරීමේදී  මෙරට නිෂ්පාදිත බෝම්බ දෙකක් අද (08) හමු වූ බව පොලිසිය පවසයි.

බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක්,යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් සහ ඇඹිලිපිටිය  නිල පොලිස්  සුනඛ  අංශයේ නිකිටා නැමැති  සුනඛයා යොදා ගෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුවක්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට (09) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.