(ඩබ්. ඒ. පියතිලක සහ කරුණාරත්න ගමගේ)
 
මැදිරිගිරිය දම්සෝපුර ගම්මානයේ වසරක කාලයක් තුළ  වන අලි පහරදීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවත්, එසේවීමට ප්‍රධාන හේතුව වනජීවී නිලධාරීන් අලිවැට නිසි ලෙස නඩත්තු නොකිරීම බවත් පවසමින් ගම්වාසීහු පිරිසක් අද(12) විරෝධතාවක නිරතවූහ.
 
බලධාරීන්ට  අලිවැට නිසි ලෙස ඉදිකරන ලෙස ඉල්ලමින් මැදිරිගිරිය හිගුරක්ගොඩ ප්‍රධාන මාර්ගය කළගෙඩි පාළම අසළින් වසා අවහිර කරමින් ගම්වාසීහු 200ක පමණ පිරිසක් උද්ඝෝෂණයේ නිරත වූහ. 

(ඡායාරූප - ඩබ්.ඒ.පියතිලක)

(ඡායාරූප - කරුණාරත්න ගමගේ)