(ජේ.කේ.එල්.චාමින්ද  සහ සිරිනිහාල්ගමගේ)
 
වෙසක්පුන් පෝය දින  රාත්‍රියේ  බීමත්ව කලහකාරි ලෙස හැසිරෙමින් වදුරඹ පහළ  ලේල්වල  ප්‍රදේශයේ නිවසක සිටි නිවැසියන්ට පහරදීමට තැත් කළ තරුණයින් තිදෙනෙකු  අත්අඩංගුවට ගත්බැව්  වදුරඹ පොලිසිය පවසයි.
 
සැකකාර තරුණයින් තිදෙනා  මාතර හා යටලමත්තය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඔවුන් වයස අවුරුදු 20, 23, 24යන වයස් කාණ්ඩවල පසුවන අය බවද පොලිසිය පවසයි.

මොවුන්  ත්‍රී රෝදරථයකින් නිවසට පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.  තරුණයින් තිදෙනා බීමත්ව සිට ඇති අතර ඔවුන් කලහකාරී ලෙස හැසිරෙමින් නිවැසියන්ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවද පොලිසිය පවසයි. 
 
පොලිසිය ලද තොරතුරකට අනුව සැකකාර තරුණයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.