(ජේ.කේ.එල් චාමින්ද,වදුරඹ සිරිනිහාල්ගමගේ)

සැකපිට පුද්ගලයින් සිව් දෙනෙකු ත්‍රිරෝද රථයක් සමඟ අද (14) අලුයම මාබොටුවන පිංළිද අසලදී අත්අඩංගුවට ගත් බව  වදුරඹ පොලිසිය  පවසයි.

මොවුන් අද අලුයම ත්‍රී රෝද රථයකින් මාබොටුවන පිංළිද අසල ගැවසෙමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මොවුන් යම් අපරාධයක් කිරීමට පැමිණියේ ද යන්න පිළිබඳ  විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් සිව් දෙනා වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුහු වයස අවුරුදු, 20,23,19,19, යන වයස් කාණ්ඩවල පසුවන්නෝ වෙති.