(ඉන්දිකා රාමනායක)
 
මිනි බ‍්‍රවුනින් නැමැති කුඩා පිස්තෝලයක් සමග පුද්ගලයකු  අද  (24)ආඩිඅම්බලම  ජයලත් මාවතේ නිවසකදී  විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්  අත්අඩංගුවට  ගෙන ඇති බව  පොලිස් මුලස්ථානය කියයි.
 
මෙම සැකකරු  සතුව ගිනි අවියක් ඇති බවට අපරාධ නිවාරණ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත  පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා  සැකකරුගේ නිවස වැටලූ බව  එම නිලධාරියා කීය.
 
සැකකරු නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ  මිනි බ‍්‍රවුනින් වර්ගයේ පිස්තෝලය, මැගසිනය හා උණ්ඩ තුනක්  නිලධාරීන් බාරයට ගෙන තිබුණි.
 
මෙම සැකකරු  මෙම ගිනි අවි යොදාගෙන අපරාධ කර ඇති ද යන්න හෙළි කරගැනීම සදහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇත.