(පාලිත ආරියවංශ )
 
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වලින්  ජීවිතක්ෂයට පත්වූ   පිරිසට පිං පතා සහ තුවාල වූ අයට ඉක්මන් සුවය පතා  බදුල්ල ශාන්ත මරියා දේවස්ථානයේදී   බෞද්ධ ආගමිත වතාවත් අනුව සපිරකර  දක්ෂිණාවක් පවත්වා , මතක වත පුදා පැන්වැඩීම අද (22) සිදු කෙරිණි.
 
මෙම අවස්ථාවට කතෝලික පියතුමන්ලා , කන්‍යා සොයුරියන් , හින්දු කුරක්කල්වරු හා ඉස්ලාම් මවුලවිවරුද ආරක්ෂක ප්‍රධානින් හා බදුල්ල දිස්ත්‍රික් ලේකම්  දමයන්ති පරණ ගම මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගීව සිටියහ.