Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රංජිත් රාජපක්ෂ
හැටන් ෂැනන් තේ වත්තේ සිට තේ කර්මාන්ත ශාලාවට ට්රැක්ටර් රථයකින් ප්රවාහනය කරමින් සිටි තේ දළු තොගයකට අද(06) පස්වරුවේදී කිසියම් පිරිසක් විසින් භුමිතෙල් ඉස ඒවා විනාශ කර ඇති බව හැටන් පොලිසිය පවසයි.
රුපියල් එක්ලක්ෂ විසිදහස් නවසිය හැටක වටිනාකමකින් යුතු තේ දළු මේ හේතුවෙන් විනාශ වී තිබේ.
එහි තේ දළු කිලෝ 1440 ක් තිබූ බවත්, දස දෙනෙකුගෙන් යුතු පිරිසක් ප්රධාන මාර්ගයේ රැක සිටිමින් ට්රැක්ටර් රථය හරස් කර තේ දළු වලට භුමිතෙල් ඉසින ලද බවත් ට්රැක්ටර් රථයේ රියදුරා හැටන් පොලිසියට පැමිණිලි කර තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව හැටන් මුලස්ථාන පොලිස් පරීක්ෂක ඒ. එල්. එම්. ජමිල් මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.