(ක. ග. කරුණාරත්න)
 
බකමූණ යාය 4 ප‍්‍රදේශයේද  අද(16) අලුයම කාන්තාවකට පොරවකින් පහරදී ඝාතනය කර ඇගේ අනියමි සැමියාද  දිවි හානිකරගෙන ඇතැයි බකමූණ පොලිසිය කියයි.
 
ඝාතනයට ලක්වූ කාන්තාවගේ  සිරුර නිවෙසේ කාමරයක ඇඳක් මත තිබෙන බවත් සැමියාගේ මළසිරුර නිවෙස ආසන්නයේ පිහිටි කොස් ගසක එල්ලෙමින් තිබියදී හමුවූ බවත් පොලීසිය සඳහන් කළේය. අලුයම 3.30ට පමණ මෙය සිදුව ඇති බව විමර්ශනවලදී හෙළිවී  තිබේ.

ඝාතනයට ලක්වූ කාන්තාව 42 හැවිරිදි චන්‍ද‍්‍රකලාදේවි නැමැති මාතලේ ප‍්‍රදේශයේ  පදිංචිකාරියක බවත් සියදිවි නසාගෙන තිබෙන ඇගේ අනියමි සැමියා බකමූණ  ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොවුන් දෙදෙනාටම  කලින් වෙනත් විවාහයන් සිදුකරගෙන තිබෙන අය බවත් දැනට මාස හයක පමණ කාලයක සිට එක්ව වාසය කරන බවත් හෙළිදරව් වී ඇති බවද පොලීසිය පැවැසීය.