(රවී ලියනගේ)

අපවත්වී වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති,ගාල්ලේ මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත, පල්ලත්තර සිරි සුමන ජෝති නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳව අවසන් කටයුතු අද (12) ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පුර්ණ රාජ්‍ය ගෞරව ඇතිව සිදු කරන ලදී.

ශ්‍රී දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) මලිගස්පෙ ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානය වෙත පැමිණියේය.

එම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාද එක්වූ අතර සවස පැවති ආදාහන පුජෝත්සවයට මහා සංඝ රත්නය,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, ඇමතිවරු  ඇතුළු විශාල පිරිසක් එක්වූහ.