(ඉන්දික අරුණ කුමාර)
 
නාඋල පොලිස් වසමට අයත් නාලන්ද පාලම අසළ ජලාශයේ පාවෙමින් තිබූ පුද්ගල මළසිරුරක් අද(17) සොයාගත් බව නාඋල පොලිසිය කියයි.

දින ගණනක් සතුන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ මළ සිරුර මහෙස්ත්‍රාත් පරික්ෂණයකින් අනතුරුව ගොඩගැනීමට නියමිත බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා 60 හැවිරිදි අයෙකු විය හැකි බවත්, ඔහුගේ අනන්‍යතාව හඳුනාගෙන නොමැති බවත් පොලිසිය පවසයි.
 
මෙම පුද්ගලයා නාලන්දා ජලාශයට පැන සිය දිවි හානි කරගත්තේ ද නැතිනම් මොහුව ඝාතනය කර ජලාශයට දැමුවේද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව නාඋල පොලිසිය කියාසිටියේය.