(ජයරත්න වික්‍රමාරච්චි)

රජවිගම හීන්කන්ද හන්දිය ප්‍රදේශයේ නිවසක් වටලා මුවමස් කිලෝ 8ක් හා ඉත්තෑමස් කිලෝ 6ක් සමඟ සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය පැවසීය.

පොලිස් හදිසි ඇම්තුම් ඒකකය ලද තොරතුරකට අනුව මෙම වැටළීම කර තිබේ.

අදාළ නිවසේ අධිශීතකරණයක් තුළ බහා මෙම මස් තොගය තිබූ බවත් සැකකරු ඒවා අලෙවි කිරීම සඳහා එසේ අධිශීතකරණයේ තබා තිබූ බවට මූලික විමර්ශනවල දී අනාවරණය වූ බවත් පොලිසිය සඳහන් කළේය.