හිරාන් ප්‍රියංකර ජයසිංහ

නවගත්තේගම ගල්වංගුව බොක්කුව හංදියේදි මෝටර් රථයක ගැටුන පදිකයකු    ගල්ගමුව රෝහලට ඇතුලත් කළ පසු  මිය ගිය බව පොලිසිය කියයි.

 මෙසේ මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම ගලයාය නාන්නේරිය පදිංචි 29 හැවිරිදි ආර්.එම් .අමල් සංජීව නැමති අයෙකු බව පොලිසිය පවසයි.

 මරණයට පත් තැනැත්තා අද රාත්‍රී මාර්ගයේ ගමන් කරමින් සිටියදී ගල්ගමුව දෙසින්  පැමිණි මෝටර් රථයක ගැටීමේන් මෙසේ බරපතල තුවාල ලබා  රෝහල් ගත කරීමෙන් පසු මිය ගොස් තිබේ.

 අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරා පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියකු බවත්  ඔහු අනුරාධපුර සිට එමින් සිටිය දී   මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය කියයි.