(ඩී.ජී.සුගතපාල)
 
දොළොස් හැවිරිදි බාල වයස්කාර දියණියට බරපතල ලිංගික අපයෝජනය කළ ඥාතියකු අද(14) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
 
අපයෝජනයට ලක්වූ දැරිය මව්පියන් සමග හිනිදුම පොලිස් වසමේ පදිංචිව සිට ඇති අතර පියා බන්ධනාගාරගත වීමෙන් පසු මව සමග ගාල්ලේ පදිංචි බාප්පාගේ නිවසට පැමිණ ඇති බවත් එසේ පැමිණ සිටියදි රාත්‍රී කාලයේ අවස්ථා කිහිපයකදිම  බාප්පා ඇයට බරපතල ලිංගික අතවර සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි හෝටල් හිමියෙකි.
 
සැකකරු අද  (14) මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.