(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 

ආණමඩුව නැබඩවැව ප්‍රදේශයේ පුද්ගලයකු අද(8) සිය බිරිදව තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
 
ඝාතනයට ලක්ව ඇත්තේ අදාල ප්‍රදේශයේම පදිංචි යු.එන්. රසිකා ප්‍රියදර්ශනී නැමති 42 හැවිරිදි කාන්තාවක බව කියයි.
 
මරණයට පත් කාන්තාව ඇගේ නිවසේ තනිව වාසය කර ඇති බවත් දරුවන් දෙදෙනා මියගොස් ඇති බවත් පොලිසිය කියයි.
 
මෙයට පෙර වසර කිපයකට පෙර විවාහක පුරුෂයා මෙම කාන්තාවගේ එක් අතක් වෙන්වෙන්නට අමානුෂිකව කපා දැමීමේ සිද්ධියක් සම්බන්ධව සැමියාට විරුද්ධව ආණමඩුව අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතී.
 
කාන්තාව අද උදෑසන විහාරස්ථානයට  දානය රැගෙන යාමට කටයුතු කරමින් සිටියදී සැකකාර සැමියා නිවසට කඩා වැදී තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති බව කියයි.
 
සැකකාර සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.
 
සිද්දිය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විණි.