(අමදෝරු අමරජීව)

ඇමැති රිෂාඩ් බදියුදීන් ඇතුළු ආණ්ඩුකාරවරු දෙදෙනෙක්  එම තනතුරු වලින් ඉවත්  කරන ලෙස ඉල්ලා ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරින් කිහිප දෙනෙකු අද (3) ත්‍රිකුණාමලය නගරයේ උපවාසයක්  ආරම්භ කරනු ලැබීය.

ත්‍රිකුණාමලය නගර හා කඩවත්  ප්‍රාදේශිය සභාවේ දෙමල සන්ධාන මන්ත්‍රි  එස්.කෝනේෂ්වරනාදන් මහතා ඇතුළු පිරිසක් මෙම උපවාසය ආරම්භ කර ඇත.

එයට සහය පලකරමින්  චීන වරාය  බෝධිරාජාරාමාධිපති අලුත්ඔය සද්ධාතිස්ස, මහමායාපුර  සිද්ධස්ථාරාමාධිපති  දොඩංදුවේ  ධම්ම නන්ද යන හිමිවරු ද චීනවරාය ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ  මීසම්පති ගරු  ජෝර්ජ් දිසානායක පියතුමා ද ඒ අසල රැදී සිටිනු දක්නට ලැබිණි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රි පි.ඩබ්.සුසන්ත ජයලත් මහතාද මෙම උපවාසයට එක්විය.

උපවාසයේ නිරත වී සිටින  පිරිස් පවසන්නේ  පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන්  ආරම්භ කර ඇති උපවාසයට සහය පළ කර උපවාස සිදුකරන බවයි.