(ඩී.කේ.රත්න)

තණමල්විල උඩවලව ප්‍රධාන මාර්ගයේ සෙවනගල දහයෙ කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ පෞද්ගලික බස් රියක් අද (18) මුහුණට මුහුණලා ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි සෙවනගල පොලීසිය පවසයි.

වැල්ලවාය බුදුරුවගල පදිංචි රත්නායක මුදියන්සේලාගේ සංජීවනී රත්නායක නැමති 27 හැවිරිදි කාන්තාවක් මෙම අනතුරින්  මියගොස් තිබේ.

මෙම අනතුරට සම්බන්ධ පෞද්ගලික බස් රථයේ රියදුරු සෙවනගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සෙවනගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.