(චමිල් රූපසිංහ හා පී. ශාන්ත බණ්ඩාර)

පේරාදෙණිය සිට ගම්පහ දක්වා ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් පහළ කඩුගන්නාව අම්බලම අසළදී පාරෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන් ගත් 5 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව මාවනැල්ල පොලිසිය පවසයි.

තුවාලකරුවන් අතර මාස 9 ක් වයසැති දරුවකු ද සිටින  බව මාවනැල්ල පොලිසිය කියයි.

අද (14) පස්වරු 2.00 පමණ මෙම අනතුර සිදුවී තිබේ. ඩිෆෙන්ඩර් රථය පහළ කඩුගන්නාව අම්බලම අසලදී අඩි 150 ක් පමණ ප්‍රාපාතයට පෙරළී ඇති බවත් තුවාලකරුවන් හේනාවල රෝහලට ඇතුළත් කර පසුව පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන්  මාවැනැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.