(අමදෝරු අමරජිව)

ගෝමරන්කඩවල නාවුල්ල වනගත යුධ අභ්‍යාසයක යෙදී සිටි ආධුනික යුද හමුදා භටයෙකු හිස් මැගසිනයක් සහ ටි.56 වර්ගයේ ගිණි අවියක් සමඟ අතුරුදහන්වී ඇතැයි  ගෝමරන්කඩවල පොලිසිය කියයි.

මෙම ආධුනික භටයා සමඟ තවත් භට පිරිසක් වනගත අභ්‍යාසයක නිරතවී සිටියදී මෙම භටයා අතුරුදහන් වී ඇති අතර දවස පුරා මෙහෙයුම් සිදුකළත් එම භටයා සොයා ගැනීමට නොහැකි වීම නිසා යුද හමුදාව ගෝමරන්කඩවල පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ මිනුවන්ගොඩ ,වත්තේ ගෙදර පදිංචි හතරවන ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායට අයත් ආධුනික සෙබල කෙහෙල් බද්දරගේ සිරාජ් දිල්ෂාන් නැමැති  25  හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගෝමරන්කඩවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.