(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
පුත්තලම කුරුණෑගල මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක්, නවතා තිබූ ටිපර් රථයක ගැටීමෙන් වූ අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගිය බව පුත්තලම මුලස්ථාන  පොලිසිය පවසයි. 
 
මෙසේ මියගොස් ඇත්තේ කොට්ටුකච්චිය වඩත්ත ප්‍රදේශයේ පදිංචි සුපුන් ප්‍රසාද් හා ඉෂාර කසුන් නැමති  25 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.
 
ඊයේ ( 14 ) රාත්‍රියේ තරුණයින් දෙදෙනා අධික වේගයෙන් යතුරු පැදිය ධාවනය කරමින්  වඩත්ත දෙසට යාමට ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී නවතා තිබූ ටිපර් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. 
 
 ටිපර් රථයේ රියදුරා ටිපර් රථය මාර්ගය අයිනේ නවතා අලෝක සංඥා දල්වා අසළ තිබූ හෝටලකට ගොස් සිට ඇති බවද පොලිසිය කියයි.
 
 අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරාඅත් අඩංගුවට ගෙන ඇත.