(රංජිත් රාජපක්ෂ )                    

ධාවනය වෙමින් තිබූ ටිපර්  රථයකට යට වී යාචක කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
 
බගවන්තලාවේ සිට හැටන් කුඩාගම දක්වා ධාවනය වූ  ටිපර් රථයකට හැටන් නගරයේදී  අද (24) දහවල් මාර්ගය හරහා මාරුවීමට ගිය එම කාන්තාව  ටිපර් රථයේ දකුණු පස ඉදිරි රෝදරයට යට වී එම ස්ථානයේම මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පැවසීය.
 
ටිපර්  රථයේ රියදුරා හැටන් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
 
රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවත් අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය කියයි.