(ජේ.කේ.එල්.චාමින්ද)

කරන්දෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් මහවත්ත දකුණුමාගල නිවසක දී ඝාතනය කර ඇති බවට සැකකරන  තිදරු මවකගේ මළ සිරුරක්  සොයාගත් බව කරන්දෙණිය  පොලිසිය පවසයි. 
 
මියගොස් ඇත්තේ  කුලසේකරආරච්චිගේ රංජනි 68 හැවිරිදි අයෙකි.
 
මෙකී කාන්තාව පදිංචිව සිටි නිවස  මහවත්ත දකුණුමාගල  ප්‍රදේශයේ කුරුදුඉඩමක පිහිටා ඇත. ඇය නිවසේ තනිවම පදිංචිව සිට ඇති බව පොලිසිය පවසයි. 
 
ඇය කිසිවකු සමග  පොරබදිමින් සිට ඇතැයි අනාවරණය කරගත් බව පොලිසිය පවසයි.
 
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම කාන්තාව ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.