පේදුරුතුඩුව, තික්කම් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 91යි ග්‍රෑම් 561 සමඟ පුද්ගලයින් දෙදෙනකු  නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
 
 උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (17) ඔවුන් අත්අඩංගුවට ගෙන  ඇත.මෙම ගංජා තොගය ශ්‍රී ලංකා දේශසීමාව හරහා මෙරටට රැගෙන ඒමට ඇතැයි සැක කෙරේ.
 
 අත්අඩංගුවට ගත් පුද්ගලයින් 47 සහ 60 වන වියෙහි පසුවන තික්කම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව හඳුනා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු පේදුරුතුඩුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.


  ඒ අනුව, මෙම වර්ෂය තුළ පමණක් නාවික හමුදා මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 770 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

(36698)