(ටී.කේ.ජී.කපිල )   
                 
රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් සමඟ ගුවන් සේවා කාර්ය මණ්ඩලයක නිලධාරියෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(11) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
 
අත්අඩංගුවට ගත් සැකකරු වත්තල පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු බවද ඔහු කීය.
 
සැකකරු තම වළලුකරට ඉහළින් පාදවල රන් බිස්කට් 10 බැගින්  බැදගෙන සිටි බවද ඔහු පැවසීය.
 
රන් බිස්කට් 40 ක් සැකකරු සතුව තිබී සොයාගෙන ඇත.
 
සැකකරු කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේ අවසාන ගේට්ටුව පසුකර යෑමට සූදානම් වන විට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.