(අමදෝරු අමරජිව)

මුතුර් රාල්කුලි මහවැලි ගගේ අද (28) දහවල් නීතිවිරෝධි වැලි ගොඩ දමමින් සිටි සිව්දෙනෙකු හමුදා කැළෑ ඇඳුම්වලට සමාන කමිස ඇඳ සිටි පිරිසකට බිය වී  මහවැලි ගඟට පැන ඇති අතර ඉන් එක් අයෙකු දියේ ගිලී මිය ගොස්  ඇතැයි මුතුර් පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ මුතුර් පෙරියපාලම්  හාදියාර් මාවතේ පදිංචි ලතිප් මොහොමදු සහරාන්  (24) නැමැති අයෙකි.

සෙසු තිදෙනා පීනා ගොඩටවිත් ඇති අතර අනතුරුව කැළෑ ඇදුම්වලට සමාන කමිස සහිත පිරිස දක්නට නොලැබුණු බව  පොලිසියට පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහවැලි ගගට පැන දිවි බේරා ගත් තිදෙනාගෙන්  ප්‍රශ්න කරගෙන යන අතර මළ සිරුර  මුතුර් රෝහලේ තැන්පත් කර තිබේ.

මෙම තිදෙනාගේ ප්‍රකාශවල සත්‍යාතාවය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.