(ලලිත් නවරත්න)

හලාවත - පුත්තලම මාර්ගයේ, ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව සහ සත්ව හිංසනය වන අයුරින් එළුවන් 30දෙනෙකු ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(10) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ  කල්පිටියේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි. 

කල්පිටියේ සිට කොළඹ දක්වා, නියමිත ප්‍රමාණයට වඩා එළුවන් සංඛ්‍යාවක් ලොරියේ පටවා තිබූ බව පොලිසිය කියයි.

ලොරිය  සහ එළුවන් පොලිසිය බාරයට ගෙන ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.