(අප්සරා යෝසිත් විජේසූරිය)
 
කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ එළිමහන් සිරකඳවුරකින් පලා ගිය සිරකරුවෙකු අද(14) රත්නපුර සමන් දේවාල පරිශ‍්‍රයේදී  අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පවසයි.

බාලවයස්කාරියක අපයෝජනය  කිරීම සම්බන්ධයෙන් වසර එකහමාරක සිරදඬුවම් ලබමින් සිටින අතරතුර, කුණ්ඩසාලේ එළිමහන් සිරකඳවුරක රාජ්‍ය උත්සවයකට අදාළ ප‍්‍රදර්ශන කුටි තැනීමට යොදවා සිටියදී මෙම සැකකරු පසුගිය මස 23 දින පලාගොස් තිබිණි. 
 
සිරකරු පැල්මඩුල්ල තඹහේන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි. 
 
මැණික් පතලක සේවක පිරිසක් සමඟ එක්ව සමන් දේවාලයේ පූජාවකට පැමිණ පිටව යද්දී මොහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් සිරකරු  අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.