(නිශාන්ත කුමාර )

ගිරාඳුරුකෝට්ටේ  තෙල්දෙනියාය ප්‍රදේශයේ කාන්තාවක තම ගෙවත්තේ ගසකට නැගී අද (22) දහවල් කාලයේ සිට උපවාසයක් ආරම්භ කර ඇතැයි ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසයි.
 
මෙලෙස විරෝධතාවක නිරතව ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ තෙල්දෙනියාය අංක 10 නිවසේ පදිංචි වයස අවුරුදු තිහක පමණ කාන්තාවකි.
 
තමන් පදිංචිව සිටින මහවැලියට අයත් ඉඩමට  මෙතෙක් කලක්  බලපත්‍රයක්  ලබා නොදීම  සම්බන්ධයෙන් විරෝධතාව දැක්වීම පිණිස ඇය මෙලෙස සිය ගෙවත්තේ වූ තේක්ක   ගසක් මතට නැගී මෙම උපවාසය ආරම්භ කර ඇතැයි ද පොලිසිය පැවසීය