(සම්පත් ප්‍රියනන්දන)

බලන්ගොඩ  වලේබොඩ  සිට   බලන්ගොඩ   කිරිමැටිතැන්න ප්‍රදේශයේ ඇති  ඇඟළුම්  කම්හළකට  සේවකයින් ප්‍රවාහනය  කළ බස් රියක  තිරිංග  ක්‍රියා  විරහිත විම හේතුවෙන් බසය මාර්ගයෙන් ඉවත පැන සිදු අනතුරෙන් එහි ගමන්කළ  සේවකයින්  12 ක්  තුවාල ලබා  බලන්ගොඩ  මුලික  රෝහලට  ඇතුළත් කළ බව ⁣පොලිසිය පවසයි.

බලන්ගොඩ රාස්සගල  මාර්ගයේ  ඇල්ලෙවත්ත ප්‍රදේශයේදී අනතුර  සිදුව ඇත.

අනතුරින්  තුවාල ලබා  ඇත්තේ  බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ  පදිංචි  ඇගලුමි සේවිකාවන්  8ක් සහ සේවකයින්  හතර  දෙනෙකු  බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය  වැඩිදුර  පරීක්ෂණ  මෙහෙයවයි.