(අජිත්ලාල් ශාන්තඋදය)

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රාස්සගල විහාර පාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති බළන්ගොඩ කුසලධම්ම නාහිමියෝ අපවත්වූහ.

බළන්ගොඩ හපුගහකුඹුර සිරි බෝධිමලු විහාරයේ සහ ගොඩකුඹුර ශ්‍රී බෝධිරුක්ඛාරාමය යන විහාරස්ථානයන්හි විහාරාධිපතීන් වහන්සේ ලෙස  කටයුතු කළ උන්වහන්සේ අපවත්වන විට අසුවන වියේ පසුවූහ.

නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ලෙස බණ්ඩාරවෙල, බළන්ගොඩ ආදී ප්‍රදේශවල දුෂ්කර පාසල් කිහිපයක උන්වහන්සේ සේවය කළහ. 

උන්වහන්සේ බළන්ගොඩ ප්‍රදේශයේ බෞද්ධ පුනරුදයටත්, බෞද්ධ දරුවන්ගේ දහම් අධ්‍යාපන ප්‍රවර්ධනයටත් විශාල මෙහෙයක් සිදුකළ යතිවර නමක් බව  හපුගහකුඹුර සිරි බෝධිමලු විහාරස්ථ දායක සභාවේ සභාපති මාධ්‍යවේදී සරත් වීරවංශ මහතා පැවසීය.

උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා බළන්ගොඩ හපුගහකුඹුර සිරි බෝධිමලු විහාරස්ථානයේ තැන්පත් කර ඇත. 

අදාහන පූජෝත්සවය ඉරිදා (23) පස්වරු 02.00ට හපුගහකුඹුර පොදු ක්‍රීඩාංගණයේ දී සිදුකෙරේ.