(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ආණ්මඩුව ඉහළ දිවුල්වැව ඌත්තුව නෙළුව ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය වැලි සහිත පස් කැපීමේ ජාවාරමක් වැටලීමට වලාන මධ්‍යම දුෂණ  මර්ධන ප්‍රහාරක ඒකකය සමත් විය.

අද  (08) මෙම වැටලීම කර තිබේ.

මාසයකට වැඩි කාලයක් පෞද්ගලික ඉඩමක කිසිදු කැණිම් බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගොස් තිබූ මෙම ජාවාරම සඳහා විවිධ තරාතිරමේ පුද්ගලයින් හවුල් ව සිටි බවද කියයි.

පස් කැපීම සඳහා යොදා ගන්නා මෝටර්ගෙටරයක්,  ටිපර් රථ තුනක් සහ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කියයි.
 
 අත් අඩංගුවට ගත් සැකකරුවන් දංකොටුව, හලාවත, බිංගිරිය හා ආණමඩුව අවට පදිංචිකරුවන් බවද කියයි.

අදාළ සැකකරුවන් හා ටිපර් රථ හා මෝටර් ගෙටරය ආණමඩුව පොලිසියට ඉදිරිපත් කිරීමට නියමිතය.