නිශාන්ත කුමාර

  
මීට දින පහකට පමණ පෙර අතුරුදන් වූ බව කියන මීගහකිවුල මීගොල්ල ගම්මානයේ පුද්ගලයකුගේ මළ සිරුර අද (27) දහවල් ලොග්ගල්ලා ඔය මීගොල්ල පාලමට මීටර් පන්සීයක් පමණ දුරින් වූ වතුර වළක පාවෙමින් තිබියදී සොයා ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.


සිද්ධියෙන් මියගොස් ඇත්තේ  මීගහකිවුල මොරහෙළ මීගොල්ල ප්‍රදේශයේ පදිංචි  ඩී එම් සුදුබණ්ඩා නැමැති වයස අවුරුදු 32 ක පුද්ගලයෙකි.


ඉකුත් 22 දිනෙන් පසුව මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති  බවට ඔහුගේ ඥාතීන් විසින් පොලීසියට දැනුම් දී ඇති අතර පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සොයා සිදුකළ මෙහෙයුමකදී ලොග්ගල්ලා ඔයේ වතුර වළක පාවෙමින් තිබූ මෙම පුද්ගලයාගේ මළ සිරුර හමු වී ඇත.


මළ සිරුර ගොඩ ගැනීම  අද (27) පස්වරුවේ බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටදී සිදු කිරීමට නියමිතය.