(වසන්ත චන්ද්‍රපාල)
බුද්ධ ශාසන අමාත්‍යංශය මේ වනතුරුත් අම්පාර දිස්ත්‍රික්කයේ දහම් පාසල්වලට පෙළපොත් ලබාදී නොමැති හෙයින් දහම් පාසල් දරුවන් මෙන්ම ගුරුවරුන් ද දැඩි අපහසුතාවකට ලක්ව ඇතැයි නැගෙනහිර තමන්කඩුව දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති සිරිදිගනේ සිරි තිලකසිරි හිමියෝ පවසති.
උන්වහන්සේ එසේ පැවසුවේ උහන මාලිගාතැන්න ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවති දහම් පාසල්වල අවශ්‍යතා සහ අඩුපාඩු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ඒ හිමියෝ මෙසේද පැවසූහ.
“අපේ කොට්ඨාසයේ දහම් පාසල් යන්න සිසුන් 13,000 ක් සුදුසුකම් ලබා තිබුණත් අපට දහම් පාසල් පොත් ලැබිල තියෙන්නේ 6000 ක් පමණයි. මේ තත්වය තුළ දහම් පාසල් පවත්වාගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. වසර ආරම්භයේ පොත් අපිට ලැබෙන්නේ නැත්නම් ඒ මාසවලට අදාළ කටයුතු ආරම්භ කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා ජනවාරි මාසය ආරම්භයේදී ම දහම් පාසල් දරුවන්ට පොත් දිය යුතුයි. එහෙම නැති වුණොත් දිස්ත්‍රික්කය පුරා ඇති දහම් පාසල් පවත්වාගෙන යන්න වෙන්නේ නැහැ.
මේ කාරණය පිළිබඳව රජයේ අවධානය යොමු වෙලා නැති බව අපි කනගාටුවෙන් මතක් කරනවා. විධිමත් කළමණාකරණයක් යටතේ පොත් පත් බෙදාදීම සිදුවෙන්නේ නැහැ. සමහර අවස්ථාවල දිසාපති කාර්යාලය මැදිහත්වයි පොත්පත් ගන්න සිදු වුණේ. බුද්ධ ශාසන අමාත්‍යංශය, බෞද්ධ කටයුතු අමාත්‍යංශය මේ ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් ලබාදිය යුතු වෙනවා. අපේ පළාතේ ප්‍රධානාචාර්යාවරු, ගුරු භවතුන් දහම් පාසල්වල කටයුතු කරන්නේ දැඩි කලකිරීමකින්. ඒ නිසා අපි රජයට කියන්නේ කඩිනමින් මේ ගැටලුවලට විසඳුමක් ලබාදෙන ලෙසයි.
රටේ දහම් පාසල් සේවාව සම්බන්ධයෙන් පාලකයින්ගෙන් ලැබෙන්නේ දෙවෙනි ස්ථානයක් බව කෙරෙන වැඩ කටයුතුවලින් පැහැදිලි වෙනවා. එනිසා බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට මාධ්‍යයට කරුණු කියන්න අපි තීරණය කළා.”
උහන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛාධිකාරි උහනධම්මරතන හිමි, නැගෙනහිර සිංහල සංවිධානයේ සභාපති සේනාපතියේ ආනන්ද හිමි සහ ත්‍රෛනිකායික භික්ෂු සංවිධානයේ ලේකම් උහන සුමනරත්න හිමි මෙම අවස්ථාවේ අදහස් දැක්වූහ. මාළිගාතැන්න ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති නියෝජ්‍ය විදුහල්පති තලගුනේ නන්දරතන හිමියෝ ද මෙම අවස්ථාවට එක්වූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
’අම්පාර දහම්පාසල්වලට පෙළ පොත් ලබා දී නැහැ’