(විනීතා එම් ගමගේ)
වනජීවී කලාපයක පිහිටි අනුරාධපුර, පලාගල, මහ හුරුල්ලෑවේ පුරා විද්‍යා ස්මාරකය සහිතබිමේ මැනුම් කටයුතු ඉක්මණින් සිදුකර එය පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කිරීමට පියවර ගන්නැයි ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමිය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අනුරාධපුර දිස්ත්‍රික් පුරාවිද්‍යා නිලධාරින්ට හා පොලිසියට අද(17) උපදෙස් දුන්නේය.
එම පුරා විද්‍යා ස්මාරක සහිත භූමියක් ලෙෂ එම ස්ථානය හඳුනාගෙන ඇතත් මේ වනතුරුත් එය පුරාවිද්‍යා රක්ෂිත භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර නැත.
නිදන් සොරුන් විසින් ඉකුත් 8 වැනිදා එම පුරා විද්‍යා ස්මාරකය ඩෝසර් කර විනාශ කර තිබු අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා එම ස්ථානයට ගිය අවස්ථාවේ වික්‍රමනායක මහතා මෙම උපදෙස් දුන්නේය. පුරාවස්තු මංකොල්ල කෑම් හා නිදන් සොයා පුරාවස්තූන් විනාශ කිරීම් පිළිබඳව දැඩි පියවර ගන්නට කටයුතු කරන්නැයි ද රාජ්‍ය අමාත්‍යවරයා එහි දී පුරාවිද්‍යා නිලධාරින්ට හා පොලිසියට එහි දී වැඩි දුරටත් උපදෙස් දුන්නේය.
පුරාණ ආරාමයක් පිහිටි ස්ථානයක් වූ එහි කැටපිලර් යන්ත්‍රවලින් පුරා විද්‍යා ස්මාරක ඇති තැන් හාරා ඇති මීට පෙරද එහි මෙවැනි විනාශයන් කර ඇති බවත් එහි දී දුටු බවත් ඒ පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට පෙර මෙම ස්ථානයේ විනාශයන් සිදුකළ අය ඒ වෙනුවෙන් සිරදඬුවම් පවා විඳ ඇතැයි ද එහෙත් යළිත් මෙසේ ඩෝසර් කරමින් පුරා විද්‍යා ස්මාරක විනාශ කර ඇතැයි ද නිලධාරිහු එහි දී රාජ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.
අමාත්‍යවරයා සමග එම ස්ථානයට ගිය පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ලංකාදීපයට කියා සිටියේ දුම්කොල වැවීමේ අරමුණින් පොළව පෙරලා ඇති බව පෙනෙන නමුත් එය පුරාවස්තු ඇතැයි දැන දැනම කළ එකක් බවත් පෙනී යන බවය.
විනාශ වී ඇති පුරා වස්තු යළි කිසිදු අයුරකින් යථා තත්ත්වයට ගත නොහැකි යැයි ද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘පලාගල පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කරන්න’