(පුෂ්පකුමාර ජයරත්න)
රටතුළ පවතින හදිසි තත්ත්වය හමුවේ දරුවන් පාසල් යැවීමට බොහෝ සෙයින් බිය වන දෙමාපියන් කිසිඳු බියකින් තොරව විශාල සිසුන් සංඛ්‍යාවක් ගැවසෙන පෞද්ගලික පන්ති වලට දරුවන් යැවීම සම්බන්ධයෙන් කණගාටු වන බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා අද (08) පැවති කුරුණෑගල දිස්ත්‍රික් ආරක්ෂක කමිටු රැස්වීමේදී ප්‍රකාශ කළේය.
රටතුළ පවතින වාතාවරණය හමුවේ විහාරස්ථානවල පවත්වාගෙන යන දහම් පාසල් සම්බන්ධයෙන් පවතින ආරක්ෂාව සහ පාසල් වල ආරක්ෂාව සම්බන්ධයෙන් ද ඇතිව තිබෙන ගැටළු පිළිබඳවද මෙම ආරක්ෂක කමිටුවේදී සාකච්ඡාවිය.
ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,
‘‘පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් සියලුම පාසල් වලට උපරිම ආරක්ෂාවක් සපයා තිබියදීත් එහි ආරක්ෂාවක් නැතැයි කියා සිතන ඇතැම් දෙමාපියන් එවැනි ආරක්ෂාවක් නොමැති පෞද්ගලික පන්ති වලට කිසිදු බියකින් තොරව දරුවන් යවන බවට නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී චෝදනා කළේය .
මේ සම්බන්ධයෙන් තමන් කළ සොයා බැලීමකදී කුරුණෑගල නගරයේ පවත්වාගෙන යන පෞද්ගලික පන්ති වලට මේ දිනවල සියයට 80 කටත් වැඩි සිසුන් සංඛ්‍යාවක් සහභාගි වන බව අනාවරණය වූ බවද පැවසීය.
පාසල් වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැතැයි කියා චෝදනා කරන දෙමාපියන්ම විශාල සංඛ්‍යාවක් ගැවසෙන පෞද්ගලික පන්ති වලට තම දරුවන් යවන්නේ කුමන නිර්දේශයක් මතදැයි නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රශ්න කළේය.
වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න,දේශපාලන නියෝජිතයන් , ආරක්ෂක අංශ නිලධාරීන්,රාජ්‍ය නිලධාරීන්,ස්වෙච්ඡා සංවිධාන වල නියෝජිතයන් ඇතුඵ විශාල පිරිසක් මෙම ආරක්ෂක කමිටුවට සහභාගිවූහ .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘දරුවන් පාසල් යැවීමට බියවන දෙමාපියන් කිසිඳු බියකින් තොරව ටියුෂන් වලට දරුවන් යවනවා‘‘
Raveendra Wednesday, 08 May 2019 01:57 PM
මහජන බදු මුදල් වලින් වැටුප් ලබන මෙම නිලදාරියාගෙන් එකම එක ප්‍රශ්නයක් ඇසීමට කැමැත්තෙමු. ඔබ රාජකාරි කරන ඔබේ බල ප්‍රදේශයට අයත් දියවන්නා ඔයේ එකදු අයෙකුගේ දරුවෙක් පාසල් ගියේද යන්න සොයා බලා මෙම පුවත්පතේම සදහන් කරන්නේනම් අප එය අගය කරන්නෙමු.