IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘ජනාධිපතිවරණයෙන් පසු නුවරඑළිය රංග පීඨයේ දේශපාලන රැස්වීම් පවත්වන්න බෑ‘

 (ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

නුවරඑළිය නගර මධ්‍යයේ  පිහිටි එළිමහන් රංග පීඨයේ දේශපාලන රැස්වීම් පැවැත්වීමට ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු ඉඩකඩ නොදීමට නුවරඑළිය මහා නගර සභාවේ මාසික සභා රැස්වීමේ දී ඒකමතිකව තීරණය කර තිබේ.
 
නුවරඑළිය පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.
 
‘‘නුවරඑළිය ජනතා හඬ ’’ සංවිධානය 2019- ඔක්තෝබර් 21 දින දාතමෙන් යොමු කළ ලිපියක් හා ‘‘නුවරඑළිය ඒකාබද්ධ වෙළඳ සංගමය’’ 2019- ඔක්තෝබර් 21 දිනැතිව ලිඛිතව ඉදිරිපත් කළ ලිපි පුරපතිවරයා විසින් සභාගත  කිරීමෙන් අනතුරුව  මෙම තීරණය ගැනීමට සභාව තීරණය  කළේය.
 
මෙම සංවිධාන දෙකම නුවරඑළිය නගර මධ්‍යයේ අති විශාල ජනතාවක් රැස් කරමින් දේශපාලන පක්ෂ රැස්විම් පැවැත් විම නිසා නාගරික ජනතාවටත්, ව්‍යාපාරික ප‍්‍රජාවටත්,සිදු වන  අනේක විධි බාධාවන් ගැන ද කරුණු දක්වා තිබිණි.
 
නගරය අලංකරණයට වවා තිබු දර්ශනිය සයිප‍්‍රස් ගස් වලට ද හානි සිදු වන බවත් අලංකාරයට සකසා තිබු මල් පාත්ති බොහෝමයක්  ම විනාශ වන බවත්, නගරයේ පදිකයින්ගේ ආරක්ෂාව සඳහා සකසා තිබු යකඩ වැටවල් වලට ද බරපතල හානි 2018 මැයි  07 වන දින  එක්තර දේශපාලන ලක්ෂයක් පැවැත් වු මැයි දින රැළිය අවසානයේදී දැක ගන්නට ලැබුණ බව ද එම කරුණුවලින් ඉදිරිපත් කර තිබුණි.
මේ පිළිබඳව  නාගරික මන්ත‍්‍රි මහින් ද සිල්වා  නාගරික මන්ත‍්‍රී ආර්.කේතියස්, නාගරික මන්ත‍්‍රීනි අනුෂා ශ්‍යාමලී හා නාගරික මන්ත‍්‍රී සුසන්ත පලිහවඩන යන මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.
 
ඉන් පසුව පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතා විසින් ඒ සම්බන්ධව සභාව තීරණයකට එළැඹිය යුතු බව දැන්වීය. ඉන් අනතුරුව නාගරික මන්තී‍්‍රවරු පක්ෂ භේදයකින් තොරව ඊට එකඟතාවය පල කළ අතර එම යෝජනාව ඒකමතිකව සභා සම්මත විය. 
 
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට යෝජිත රැස්වීම් වලින් පසු අතිවිශාල ජනතාවක් සහභාගී වන රැස්වීම් වලට නුවරඑළිය නගර මධ්‍යයේ එළිමහන් රංග පීඨය ලබා නොදෙන බව ප‍්‍රකාශ විය.
 
ඒ වෙනුවෙන් ඉදිරි කාලයේ දී ග්‍රෙගරි උද්‍යානයේ කී‍්‍රඩාංගනයේ හා හාවා එළියේ මහින්ද මාවත කී‍්‍රඩාංගණයේ දේශපාලන පක්ෂ වලට රැස්වීම් පැවැත්වීමට සිදුවනු ඇත.



අදහස් (0)

‘ජනාධිපතිවරණයෙන් පසු නුවරඑළිය රංග පීඨයේ දේශපාලන රැස්වීම් පවත්වන්න බෑ‘

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 276 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1510 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site