IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සේනා මඩින්න සබරගමුව සරසවි කෘෂි විද්‍යාපීඨ ආචාර්යවරු එක්වෙති

(ප්‍රින්ස් රත්නායක)
 
රටපුරා ව්‍යාප්ත වී ඇති සේනා දළඹු වසංගතය මර්දනය කිරීමට ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨ  ආචාර්යවරු පිරිසක් එක්ව සිටිති. 

ඒ සම්බන්ධයෙන් කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා මෙසේ පැවසීය.

"සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉල්ලීමක් තිබුණා. මේ සම්බන්ධයෙන් මැදිහත් වන්නට විශ්වවිද්‍යාලය ලෙස අපේ මැදිහත් වීමක් තිබිය යුතු නිසා 22 වැනිදා අපි සාකච්ඡාවකට එක්වුණා.

බළන්ගොඩ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ  හා චන්දන සිරිවර්ධන හා විශ්වවිද්‍යාල ආචාර්යවරු එක්ව කුමන පියවර ගත යුතුද මෙම වසංගතය වැළැක්වීම යන්න පිළිබඳව සාකච්ඡාවට බඳුන් කළා. "

මෙහිදී කාරණා ගණනාවක් කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් හඳුනා ගෙන ඒ පිළිබඳ වාර්තාවක් අද(23) වැනිදා  ආණ්ඩුකාරවරයාට බාර දීමට නියමිතය.  

මෙම කණ්ඩායමට කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය රෝහණ පී. මහලියනාරච්චි, ආචාර්ය මංජුල සුමිත් මාගමගේ, ආචාර්ය කපිල දිසානායක, ආචාර්ය ජේ.ඩී.බී.අරුණ පී.කුමාර ඇතුළත්  විද්වත් කණ්ඩායමකින් සමන්විත විය. 

" ඒ අනුව මූලිකව සිදුකළ යුත්තේ පැතිරීම වැළැක්වීම මෙහිදී පොළවල් ආශ්‍රිතව දැනුවත් කිරීම හා ඇති පළාත් වලින් නැති පළාත්වලට පැතිරීම වැළැක්වීම හා පැතිරී ඇති වගාවන් සම්පූර්ණයෙන් විනාශ කිරීම. මෙයට වල්නාශක 3 ක් මූලිකව හඳුනාගෙන තියනවා. කෙටිකාලීන පියවරයන් අපි ක්‍රියාත්මක කරනවා මැදි හා දිගුකාලීන පියවරයන් ආණ්ඩුකාර දැනුම් දෙනවා. 

එක් පියවරක් ලෙස දළඹුවා ව්‍යාප්තවීම පාලනය කිරීමට වෙළඳපොළවල් පරීක්ෂා කර ව්‍යාප්තවීම වැළැක්වීමට පියවර යෙදිය යුතුයි ඒ සම්බන්ධයෙන් වෙළෙන්දුන් දැනුවත් කරමින් අදාළ පත්‍රිකා බෙදා දී තමන් එළවළු පළා පළතුරු බඩඉරිඟු වැනි බෝග මිලදී ගන්නා ගොවීන් දැනුවත් කිරීම මූලිකව සිදු කරමින් පාලනය කළ යුතුයි. හම්බෙගමුව තණමල්විල වැනි ප්‍රදේශයන්හි මෙය දැඩිලෙස ව්‍යාප්ත වී තිබෙනවා” යනුවෙන් පැවසීය.

 



අදහස් (1)

සේනා මඩින්න සබරගමුව සරසවි කෘෂි විද්‍යාපීඨ ආචාර්යවරු එක්වෙති

ලක්ෂ්මන් Saturday, 02 February 2019 04:39 AM

මේ රටේ යල හා මහ කියා කන්න දෙකකට වගාකිරීම් කල අතීත ගොවියා නියමිත කාලයකට අනුව වගා කිරීම් කලත් (පැරැන්නන් බිනර මහ කලුවරට හෙන් වපුරන්න කටයුතු කලා) නමුත් වර්ථමානයේ ඉඩකඩ ඇති විටෙක වගාවට යොමුවන බවක් තියෙනවා. පැරණි ගොවියන් මේ කාලයේ පණුවන් ඇතිවෙනවා, මේ කාලයේ වැස්ස ලැබෙනවා කියා දැනගෙන වගා වැඩ කලා නමුත් දැන් දැන් එහෙම දේ පිළිගන්න කිසිවෙක් සූදානම් නැහැ. ඒ නිසා අතීසාරෙට අමුඩ ගහන්නේ නැතිව මේ රටේ අනාධිමත් කාලයක සිට තිබුන අත්දැකීම් සොයා බලා ඒ අනුව ගොවියන් දැනුවත් කිරීමට පර්යේෂණ කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site