(නාලක සංජීව දහනායක)
කල්මුණේ නගර සභාව යටතේ පාලනය වූ සයින්දමරුදු බල ප‍්‍රදේශය සදහා නව නගර සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
නැගෙනහිර පළාත් ජනතා නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් සමග අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැති සාකච්ඡාවකදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කර ඇත.
එමෙන්ම කල්මුණේ උතුර සහකාර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ප‍්‍රධාන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස උසස් කිරීමට අදාලව නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත්කිරීමටද තීරණය කර ඇත.
ඊට අමතරව දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින 13ක් වන ග‍්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 46ක් දක්වා වැඩිකිරීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට උපදෙස් දී තිබේ.
එම ග‍්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව නීත්‍යානුකූලව සීමා නීර්ණය සිදුකොට නම් කරන තෙක් රජයේ සංවර්ධන ප‍්‍රතිලාභ ලබාදීමේදී ග‍්‍රාම නිලධාරී වසම් හතලිස් හයක් සේ සලකා කටයුතු කරන ලෙසද අග‍්‍රාමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සයින්දමරුදු බල ප්‍රදේශයට නව නගර සභාවක්